තෙදින ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ පළමු දිනය තුළ පරිශ්‍ර 22,140ක් පරික්ෂාවට ලක් කළ බවත් එම පරිශ්‍ර අතර මදුරු කීටයින් සහිත පරිශ්‍ර 393ක් හඳුනාගෙන ඇති අතර, එහිදී පරිශ්‍ර 263කට නඩු පැවරීමට කටයුතු කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
එහිදී පරිශ්‍ර 2890ක් නිවැරදි කර ගැනීමට උපදෙස් ලබාදී ඇති අතර පරිශ්‍ර 1113ට නොතීසි නිකුත් කිරීමට ද පියවර ගෙන තිබේ.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතගේ උපදෙස් මත මෙම තෙදින ජාතික ඩෙංගු මර්දන වැඩසටහන ඊයේ දිනයේ ආරම්භ වූ අතර එය අගෝස්තු මස 01 වනදා දක්වා ක්‍රියාත්මක වෙයි.