මේ වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගල මරණ 45 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහතා පැවසීය. එමෙන්ම ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 26,500 ක් වාර්තා වී ඇති අතර කොළඹ දිස්ත්‍රික්කය තුළ පමණක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 8600කි. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය නිසා ඉදිරි මාස දෙක තුළ ඩෙංගු රෝගීන් ඉහළ යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.