ඩෙංගු වාහක ගැහැනු මදුරුවන්ට නිස්සාරක වොල්බැචියා බැක්ටීරියාව එන්නත් කර ඩෙංගු මෙරටින් තුරන් කිරීමේ ක්‍රමවේදයක් කැලණිය විශ්වවිද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයේ විද්‍යාඥයන් පිරිසක් හඳුන්වාදී තිබේ.
වොල්බැචියා බැක්ටීරියාව කෘමි සතුන් තුළ ජීවත්වන අතර මිනිසාට අහිතකර බලපෑම් ඇති නොකරයි. පරිසරයට අහිතකර රසායනික ද්‍රව්‍ය භාවිතයකින් තොරව වොල්බැචියා බැක්ටීරියාව විශේෂිත ක්ෂුද්‍ර විදිනයක් භාවිත කර මදුරු ගැහැනු සතාට එන්නත් කිරීමෙන් එම ගැහැනු මදුරුවාගෙන් බැක්ටීරියා ආසාදිත වඳ සුහුඹුල් පිරිමි මදුරුවන් අභිජනනය වෙයි. එය වැඩිදුරටත් තහවුරු කිරීම පිණිස පිරිමි සහ ගැහැනු මදුරු කීටයන් වෙන්කර විකිරණ ශක්තියෙන් වන්ධීකරණය සිදුකෙරේ. මිනිසාගේ ලේ උරා නොබොන පිරිමි මදුරුවන් පමණක් පරිසරයට මුදාහැරීම සිදුකරයි.
කැලණිය විශ්වවිද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයේ පරපෝෂවේදී අධ්‍යයන හා අණුක වෛද්‍ය විද්‍යා ඒකකයේ මහාචාර්ය විමලධර්ම අභයවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් පශ්චාත් උපාධි අපේක්ෂිකා ආශා විජේගුණවර්ධන මහත්මියගේ උපාධිය වෙනුවෙන් මෙම පර්යේෂණය සිදුකෙරේ. ජාතික පර්යේෂණ සභාවේ වසර 5 ක මෙගා ව්‍යාපෘති යටතේ මෙම ව්‍යාපෘතියට මූල්‍ය දායකත්වය සපයයි.
ගයාන් සූරියආරච්චි