ඩුබායි සිට නීති විරෝධී අයුරින් ශ්රී ලංකාවට ගෙන ආ විදේශීය සිගරට් තොගයක් කටුනායක රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා සිගරට 27600ක් මෙසේ රේගු අත්අඩංගුවට පත්ව තිබෙන අතර එම සිගරට් තොගය රාජසන්තක කිරීමටද කටුනායක රේගුව කටයුතු කළේය.
ඩුබායි සමාගමග විධායක අධ්යක්ෂවරයෙකු ලෙස සේවය කරන කඳානේ පදිංචි 28 හැවැරිදි තරුණයෙකු මෙම සිගරට් තොගය නීතිවිරෝධී අයුරින් ශ්රි ලංකාවට ගෙන ආ අතර ඔහුට රුපියල් ලක්ෂයක දඩයක් පැනවීමටද රේගුව කටයුතු කරනු ලැබීය.