ඩුබායි - එක්සත් අරාබි එමීර් රාජ්‍ය‘යේ පවතින රැකියා අවස්ථා වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට ලබාගැනීම හා සංක්‍රමණික අක්‍රමිකතා මැඬලීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති අබ්දුල් හමීඩ් අබ්දුල් ෆත්තා කේ අල් මුල්ලා මහතා සමග ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාලංකාධිකාර මහතා ඊයේ (26දා) අදහස් හුවමාරුකර ගත් අතර, මෙම සාකච්ඡාව මෙරට පිහිටි එක්සත් ආරාබි එමීර් රාජ්‍ය තානාපති කාර්යාලයේදී පැවැත්විණි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා ඉතාම ආකර්ෂණීය සේවා ස්ථාන සහිත රටක් බැවින් වැඩි වශයෙන් ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයන්ට රැකියා අවස්ථා ලබාගැනීම සඳහාත්, මෑතක සිට සංචාරක වීසා හරහා සංක්‍රමණය වීමෙන් ඇති වී තිබෙන ගැටලු නිරාකණය කරගැනීම සඳහාත් මෙම සාකච්ඡාව පැවැත්විණි. එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපතිවරයා මේ සම්බන්ධයෙන් ඉතා යහපත් ප්‍රතිචාර දැක්වූ අතර, ඉදිරියේදී මේ ගැටලු නිරාකරණය ගැනීමට හැකිවන බවත්, රැකියා අවස්ථා වැඩි වශයෙන් ලබාගැනීමට හැකිවන බවත් ප්‍රකාශ කළේය.