ඇමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තානයේ ජ්‍යෙෂ්ඨ අල්-කයිඩා නායකයෙකු ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව ඇමෙරිකානු ආරක්ෂක අංශ පවසයි.
ෆාරූක් අල්-කහ්ටානි ම් වූ ඔහු ඊසානදිග ඇෆ්ගනිස්තාන ප්‍රදේශයේ නායකයා ලෙස සැලකෙන අතර, මෙම ප්‍රහාරය පසුගිය ඉරිදා එල්ල වූ බව නම සඳහන් නොකළ ඇමෙරිකානු ජ්‍යෙෂ්ඨ ඇමෙරිකානු හමුදා නිලධාරියෙකු බී.බී.සී.ය වෙත පවසා තිබේ.
මේ අතර, එම ත්‍රස්ත නායකාගේ දෙවැනියාද තවත් ඩ්‍රෝන ප්‍රහාරයකින් ඉලක්ක කළ බවද එන්.බී.සී. පුවත් සේවය පවසයි.
කෙසේ වෙතත්, කුනාර් පළාතේ එල්ල වූ මෙම ප්‍රහාරය තවමත් ප්‍රසිද්ධ කර නොමැති අතර, එම ප්රහාරයන්ගේ ප්‍රතිඵලද නිල වශයෙන් සනාථ කර නොමැති බවද කියයි.
සෞදි අරාබියේදී උපත ලබා ඇති අල්-කහ්ටානි ඇමෙරිකාව විසින් අත්‍යවශ්‍ය ත්‍රස්ත ලැයිස්තුවට පසුගිය පෙබරවාරි මාසයේදී ඇතුළු කර තිබුණි.
ඔහු යුරෝපය හා ඇමෙරිකාව ඉල්කක කර එල්ල කර ප්‍රහාර එල්ල කිරීමේ සැලසුම් සකස් කරන්නෙකු ලෙසද ප්‍රසිද්ධියක් උසුලයි.
මේ අතර, ඇෆ්ගනිස්තාන රජයේ මාධ්‍ය ප්‍රකශක අබ්දුල් ඝානි මොසාමෙම් පවසා සිටියේ ඉරිදා සිදුවූ මෙහෙයුමකින් අරාබි ජාතිකයන් දෙදෙනෙකු ඇතුළු පාකිස්තාන තලේබාන් සටන්කරුවන් කිහිප දෙනෙකුද ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවයි.