ඩකා අගනුවර ආපන ශාලාවට ප්රහාරයක් එල්ල වූ අවස්ථාවේ ප්රහාරකයන්ගෙන් සැඟවී දිවි බේරාගත් බව එහි සිටි ශ්රී ලාංකේය යුවල තමන්ට පැවසූ බව බංග්ලාදේශයේ වැඩබලන ශ්රී ලංකා මහ කොමසාරිස්වරිය සේසත් තාඹුගල පවසයි.
ඔවුන් දෙදෙනාට කිසිදු ශාරීරික හානියක් සිදු වී නැතත් දැඩි මානසික කම්පනය හේතුවෙන් තවමත් අගනුවර හමුදා රෝහලක ප්රතිකාර ලබන බවත් වැඩබලන මහ කොමසාරිස්වරිය බී.බී.සී.ය වෙත පවසා තිබේ.
මෙම ම්ලේච්ඡ ප්රහාරයට මැදි වූ ශ්රී ලාංකේය යුවල දීර්ඝ කාලයක සිට බංගලාදේශයේ වාසය කරන්නක් දෙදෙනෙකු බව පැවසෙන අතර, ඉහළ යමින් තිබෙන ප්රචණ්ඩක්රියා හමුවේ බංගලාදේශයේ වෙසෙන ශ්රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරගැනීම සඳහා එරට ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වැඩපිළිවලක් ක්රියාත්මක කොට ඇති බවද ඇය බී.බී.සී.ය වෙත පවසා තිබේ.
ඩකා අගනුරව අවන්හලකට එල්ල වූ අය්.එස්. ඉස්ලාම් රාජ්ය ත්රස්ත ප්රහාරයෙන් විදේශිකයන් 20ක් ඇතුළු 28 දෙනෙකු ජීවිතක්ෂය පත්ව, තවත් 30 දෙනෙකු තුවාල ලැබීය.