2015 වසරේ අගෝස්තු මස සිට 2016 ඔක්තෝබර් මාසය දක්වා ජපානයේ ටොයෝටා සමාගම විසින් නිශ්පාදනය කරන ලද ටොයෝටා ප්‍රියස් මෝටර් රථ 340,000ක් පමණ නැවතත් කැඳවීමට ටොයෝටා සමාගම කටයුතු කර තිබේ.
ඒ අනුවෙ ජපානයේ අලෙවිකළ 210000ක් උතුරු ඇමෙරිකාවට අපනයනය කළ 94000ක් මෙසේ නැවතත් ආපසු කැඳවා තිබෙන අතර ඉතිරිය යුරෝපයෙන් හා ඔස්ට්‍රේලියාවෙන් ගෙන්වා ගැනීමට නියමිතය.
මෝටර් රථයේ තිරිංග පද්ධතියේ (Parking Brake) ඇතිව තිබෙන ගැටලුවක් විසඳීම සඳහා මෙම මෝටර් රථ නැවතත් ගෙන්වා ගනෙ තිබේ.ගැටලුව හේතුවෙන් ජපානය තුළ කිසිදු අනතුරක් සිදුව නොමැති බවට ටොයෝටා සමාගම ප්‍රකාශ කළත් විදේශ වල එවැනි අනතුරු සිදුව ඇතිදැයි යන්න පිළිබඳව නිශ්චිත පිළිතුරක් ලබා දී නොමැත.