සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ටෙලිමේල් සේවාව නොමිලේ ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. තැපැල් දෙපාර්තමේන්තුව විසින් සපයන ටෙලිග්‍රෑම් සේවය පසුගිය ඔක්තෝබර් මස සිට අහෝසි කරනු ලැබීය.
ඒ අනුව දෙපාර්තමේන්තුව විසින් ටෙලිමේල් සේවාව වඩා කාර්යක්ෂම කරගෙන යාමට පියවර ගැනුණි. ටෙලිමේල් සේවාවේදී පළමු වචන 10 ට රුපියල් 20 ක්ද, අතිරේක එක වචනයක් සඳහා රුපියල් 1.50 ක්ද අය කෙරේ.
මීට අමතරව රුපියල් 10 ක ස්ථාවර ගාස්තුවක්ද හා පණිවිඩය බෙදාහැරීමේ ගාස්තුව වශයෙන් රැපියල් 15 ක්ද අය කිරීමට නියමිතය. තැපැල් දෙපාර්තමේන්තුව දැනටමත් අලාභ ලබන තත්ත්වයක පවතියි. එනමුත් මෙකී සේවය මන්ත්‍රීවරැන්ට ලබාදීමට පියවර ගෙන ඇත.