ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවීම සඳහා දෙමළ සන්ධාන නියෝජිත පිරිසක් හෙට (22දා) ඉන්දියාව බලා පිටත් වේ.
එහි නායක ආර්. සම්බන්ධන් මහතාගේ නායකත්වයෙන් යුතු හයදෙනෙක් මේ සඳහා සහභාගී වෙති. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, මාවෙයි සේනාධිරාජා, පොන් සෙල්වරාජා හා සෙල්වම් අඩෛක්කලනාදන් යන පිරිස එම කණ්ඩායමේ සෙසු නියෝජිතයෝ වෙති.
ලබන සෙනසුරාදා ඔවුන් මෝදි මහතා හමුවන අතර, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුස්මා ස්වරාජ් මහත්මිය සමග ලබන සිකුරාදා සාකච්ඡා පවත්වන බව සුමන්තිරන් මහතා කීය.