හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා එළැඹෙන 6 දා තෙක් අත්අඩංගුවට නොගන්න බව නීතිපතිවරයා අද (29දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
රාඩා ආයතනයේ මුදල් අක්‍රමිකතාවක් පිළිබඳව පොලීසිය මේ වන විට පරීක්ෂණක් පවත්වයි. එයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරමින් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස හිටපු මන්ත්‍රීවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.