ටියුනීසියාවේ වෙරළ තීරයක සිදුවූ අන්තවාදී ඉස්ලාමීය ප්‍රහාරයකින් විදේශිකයන් ඇතුළු 39 දෙනෙකු ඝාතනය වීමත් සමග එරට දේවස්ථාන 80ක් වසා දැමීමට අගමැතිවරයා පියවර ගෙන තිබේ.
මෙම ප්රචණ්ඩක්රියාවට සහාය දැක්වූ බවට චෝදනා කරමින් අගමැති හබීබ් එසීද් විසින් මෙම තීරණය ගෙන ඇති බව බී.බී.සී.ය කියයි.
මෙම දේවස්ථාන එරට රජයේ පාලනයෙන් තොර ඒවා බවත්, ප්රචණ්ඩත්වය වැපිරීම වැළැක්වීමේ අරමුණින් සතියක් තුළ මෙම දේවස්ථාන සියල්ල වසා දමන බවත් අගමැතිවරයා පවසා තිබේ.
ඊයේ සිදුවූ මෙම ප්‍රහාරයේදී තුවක්කුකරුවෙකු විසින් සවුස්සේ වෙරළ තිරය තුළ විවෘත වෙඩි තැබීමක් සිදුකර තිබේ.
ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති IS ඉස්ලාමීය රාජ්‍ය අන්තවාදීන් පවසා ඇත්තේ ටියුනීසියානු, බ්‍රිතාන්‍ය, ජර්මානු, බෙල්ජියම්, ප්‍රංශ හා අයර්ලන්ත ජාතිකයන් මියගිය පිරිස අතර සිටින බවයි.
තුවක්කුකරු පසුව පොලිස් වෙඩි පහරින් ජිවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහු ශිෂ්‍යයෙකු බවත්, මිට පෙර ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන් තොරතුරු නොමැති අයෙකු බවත් කියැවෙයි.
පසුගිය මාර්තු මාසයේදීද ටියුනීසියාවේ මෙවැනිම ප්‍රහාරයක් සිදුවූ අතර, එහිදී එරට ප්‍රකට කෞතුකාගාරයක විවෘත වෙඩි තැබීමකින් විදේශිකයන් අතුළු පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.