රික්ටර් පරිමාණ 6.4ක භූ කම්පනයක් ටිබටයේ, හිමාලයාන් කලාපයේ ඇති වී තිබෙන බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
මෙම භූ කම්පනය පොළොව අභ්‍යන්තරයේ සිට කිලෝ මීටර් 32ක් ගැඹුරින් ඇති වී තිබෙන අතර, භූ කම්පනයත් සමග ඇති වූ කම්පන තරංග කිලෝමීටර් 300ක් පමණ ඔබ්බෙන් වූ චීන නගර වෙත පවා දැනී ඇති බව විදෙස් වාර්තා දක්වයි.
ටිබටයේ අගනගරයේ සිට කිලෝමීටර් 509ක් ඔබ්බෙන් මෙම භූ කම්පනයේ අපිකේන්ද්‍රය පවතින අතර, භූ කම්පනය නිසා ඇති වූ හානි පිළිබඳව මෙතෙක් වාර්තා නොවන බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.