බෞද්ධ විහාරාංග සම්ප්රදායේ සුවිශේෂී නිර්මාණයක් වන ටැම්පිට විහාරවල සංරක්ෂණය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නැංවීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දෙයි.
ශී‍්‍ර ලංකාවේ ටැම්පිට විහාර සංරක්ෂණය පිළිබඳ අද (13දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ජනපති මෙම උපදෙස් දුන්නේය.
ශී‍්‍ර ලංකාවේ ටැම්පිට විහාර 204 ක් මේවන විට හඳුනාගෙන තිබෙන අතර, ඉන් 06 ක සංරක්ෂණ කටයුතු නිමවා තිබේ. තවත් ස්ථාන 85 ක ප්‍රමුඛතාවය අනුව සංරක්ෂණ කටයුතු සිදුකරමින් පවතී.
මෙම කටයුතු සඳහා අවශ්‍ය මානව සම්පත සහ අරමුදල් නොඅඩුව ලබාදෙන ලෙසද ජනාධිපති මෙහිදී අදාළ අංශවලට උපදෙස් දුන්නේය.
උතුරු නැගෙනහිර ඇතුළු දිවයින පුරා ඇති පුරාවිද්‍යාත්මක ස්ථානවල ආරක්ෂාව සඳහා මේ වන විට සිවිල් ආරක්ෂක බලකාය යොදවා තිබෙන අතර එම කටයුතු තවදුරටත් පුළුල් කිරීමට ද ජනාධිපතිතුමා එහි අධ්යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් දුන්නේය.