උසස්පෙළ සිසුන් හා ගුරුවන් සඳහා ටැබ් පරිගණක ලබාදීම සඳහා රජය කළ සැලසුම නවත්වා දැමුවේ තාවකාලිකව බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. ආර්ථිකයේ වැදගත් අංශ වෙත අවධානය යොමුකිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවත් ඉදිරියේදී ටැබ් ලබාදීම සිදුකරන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.