ඉන්දියාවේ ප්රමුඛ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටාටා මෝටර්ස් විසින් එළිදැක්වීමට නියමිතව තිබූ Zica හැච්බැක් මෝටර් රථයේ නම Zika වෛරසය හේතුවෙන් වෙනස් කිරීමට තීරණය කර ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය වශයෙන් හදිසි ආපදා තත්ත්වයක්ද ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක, සමාජීය වගකීම් දරණ සමාගමක් ලෙස තම නවතම මෝටර් රථයේ නම වෙනස් කිරීමට තිරණය කළ බව එම සමාගම කියයි.
කෙසේ වෙතත්, එළැඹෙන බදාදා දිල්ලි මෝටර් රථ ප්‍රදර්ශනයේදී එහි පැරණි නමින්ම මෝටර් රථයේ එළිදැක්වීම සිදුවුවත්, එම රථයට ලබාදෙන නව නාමය සති කිහිපයක් ඇතුළත ප්‍රකාශයට පත්කරන බව එම සමාගම වැඩිදුරටත් කියයි.