ගාල්ල කරාපිටිය රෝහලට පිළිකා ආයතනයක් ඉදිකිරිම සඳහා ඩොලර් මිලියන පහක අධාර එකතුකර ගැනීමට ක්‍රියාත්මක ට්‍රේල් පාගමනේ අපේක්ෂිත ඉලක්කයෙක් මේ වන විට 37%ක් සපුරාගෙන ඇතැයි ට්‍රේල් වෙබ් අඩවිය පවසයි.
ඒ අනුව අද දිනය වන විට ඔවුන් රැස්කරගෙන ඇති අධාර ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 1.869කි. පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා දින 28ක පාගනමක් මෙම ආධාර එකතු කර ගැනීම සඳහා සංවිධානය කර තිබේ.
එහි 18 වැනි දිනය අද වෙයි. මෙම පාගමනට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන සිය සක්‍රීය දායකත්වය ලබාදෙන අතර ඔහුගේ බිරිද ක්‍රිස්ටිනා මල්ලිකාද මහේලත් සමග පාගමනට එක්ව සිටියි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ රංගන හේරත් හා ජීවන් මෙන්ඩිස් අද පාගමනට එක්විය.
ඡායාරූප - ට්විටර් හා ඉන්ස්ග්රැම් ඇසුරෙනි