ඇමරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පත්වීමෙන් පසුව නව ලෝක රටාවක් බිහිවෙනු ඇතැයි බලාපොරොත්තු වෙන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නව ඇමෙරිකානු ජනපතිවරයා සුබ පැතුම් පණිවුඩයක් යොමුකරමින පවසයි.
‘ඔබගේ පත්වීමත් සමඟ සියලු රාජ්‍යයන්ගේ සෛවරී සමානත්වය හා ජාතික රාජ්‍යයන්ගේ අභ්‍යන්තර කරුණු වලට ඇඟිලි නොගැසීම යන මූලධර්මයන් මත පදනම් වූ ලෝක රටාවක් අපි බලාපොරොත්තු වෙමු’ යනුවෙන් එම පණිවිඩයේ දැක්වෙයි.
එසේම ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය පරාජය කිරීමට රිපබ්ලිකන් පක්ෂ ආණ්ඩුව තම ආණ්ඩුවට සහාය දුන් බවත් හිටපු ජනපතිවරයාගේ සුබ පැතුම් පණිවුඩයේ සඳහන් වෙයි.