වර්ෂයකට ටයර් මිලියන තුනක ධාරිතාවක් සහිත ටයර් නිෂ්පාදන කම්හලක් ආරම්භ කිරීමට සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස අදාළ කර්මාන්ත ශාලාව හොරණ, ගෝනපොල ප්‍රදේශයේ ඉදිකිරීමට තීරණය කර ඇත.
අලුතින් නිපදවන ලද සහ නැවත පුරවන ලද රබර් ටයර් හා ටියුබ් අපනයනයෙන් ශ්‍රී ලංකාව වාර්ෂිකව උපයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 471ක් වන අතර, එය ශ්‍රී ලංකාවේ මුළු රබර් අපනයනයෙන් 61.9෴ ක් ලෙස ගණනය කර ඇත.
මෙම ක්ෂේත්රයේ කර්මාන්ත තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 75ක ආයෝජනයක් සහිතව මෙම කර්මාන්තශාලාව ඉදිකිරීමට සැලසුම්කර තිබේ.