මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ ඝාතන නඩුව විභාග කරන අවස්ථාවේදී අධිකරණ ශාලාව තුළ අධිකරණයට අපහාස වන අයුරින් හැසිරීම පිළිබඳව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව සංශෝධිත චෝදනා පත්‍රයක් නීතිපතිවරයා ඉදිරිපත් කර තිබේ.
උන්වහන්සේට මීට පෙර ඉදිරිපත් කර තිබූ චෝදනා පත්‍රයේ සඳහන් කරුණු පැහැදිලි නැති බවට ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පැවැසීමෙන් පසුව මෙසේ සංශෝධිත චෝදනා පත්‍රයක් ඉදිකරනු ලැබීය.
හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවකදී උන්වහන්සේ අධිකරණයට අපහාස වෙන අයුරින් හැසිරී ඇති බවට චෝදනා ගොනු කර ඇත.