එල්.ටී.ටී.ඊ සංවිධානයේ භාෂා පරිවර්තන කටයුතුවල නිරත වූ බවට ජෝජ් මාස්ටර් නැමැත්තා 2009 වසරේදී ත්රස්ත මර්දන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇප ලබා සිටි ජෝජ් මාස්ටර් නැමැත්තාට එල්ල වී ඇති චෝදනාවලින් මුදාහැරීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද(04දා) නියෝග කළේය.
අදාළ පුද්ගලයාට එරෙහිව නඩු පැවරිමට ප්රමාණවත් කරුණු නොමැති බව අදාළ පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය.