සතොස සේවකයන් එහි නිල රාජකාරිවලින් බැහැරව දේශපාලන කටයුතු සඳහා යෙදවීමෙන් රජයට රුපියල් කෝටි 4ට අධික පාඩුවක් සිදුකළේ යැයි කියන සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රුපියල් 250000ක මුදල් ඇපයක් හා රුපියල් කෝටියක ශරීර ඇපයක් මත නිදහස් කිරීමට කොළඹ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (30දා) නියෝග කළේය.
2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාවේදී සතොස සේවකයන් 150ක් දේශපාලන කටයුතු සඳහා යොදවා ඇතැයි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට, හිටපු සතොස සභාපති හා හිටපු සතොස ක්‍රියාකාරී අධ්යක්ෂවරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මැයි මාසයේදී නඩු ගොනුකළේය.
හිටපු සතොස සභාපතිවරයා හා ක්‍රියාකාරී අධ්යක්ෂවරයාටද ඇප නියම වූ අතර සැකකරුවන්ට විදේස් ගතවීමද තහනම් කරනු ලැබීය. නඩුවට අදාළ චෝදනා කියවාදීමෙන් පසුව ඒ සඳහා තමන් නිවැරදිකරුවන් යැයි සැකකරුවෝ පැසූහ.ඒ අනුව නඩුව ඔක්තෝබර් 25දා සිට විභාගයට ගැනීමට නියමිතය.