හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නැවතත් මේ මස 25 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා නියෝග කළේය.
සතොස හිටපු සභාපතිවරයාද නැවත 25 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී. එසේම ඇප ලබාගැනීමට අවශ්‍යනම් ඇප අයදුම්පතක් කුරුණෑගල මහාධිකරණය වෙත යොමුකරන ලෙසද මහේස්ත්‍රාත්වරයා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නිතිඥයින්ට පැවැසීය.
ලකු සතොසේ රුපියල් ලක්ෂ 50කට අධික මූල්‍යමය අක්‍රමිකතාවක් හේතුවෙන් සැකපිට හිටපු අමාත්‍යවරයා හා සතොස සභාපතිවරයා අතඅඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.