ජූලි පළමු වැනිදා සිට සිදුවිය යුතු නීත්‍යනුකූල බස් ගාස්තු ඉහළ යාම 3.2%ක් බවට තහවුරු වී තිබේ.
අද (20දා) ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ ජාතික ගමනාගමන කොමිසන් සභා නිලධාරීන් හා බස් සංගම් නියෝජිතයන් සමග ප්‍රවාහන අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවේදී මේ බව තහවුරු වී ඇත.
3.2% කින් බස් ගාස්තු ඉහළ දැමීමත් සිදු කරනවානම් එය ඍජුවම ක්‍රියාත්මක කිරීමට හැකියාව තිබෙන අතර එහෙත් ගාස්තු ඉහළ යාම 10% කට වැඩිනම් ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබාගත යුතුය.