ඉදිරි පළාත් පාලන මැතිවරණය කොට්ඨාස ක්‍රමයට ජුනි මාසයේදී පවත්වන බවත්, ඒ සඳහා සූදානම් වන ලෙසත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව හමුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (26දා) පවසා තිබේ.
කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවැති මෙම රැස්වීමේදී ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා දමමින් අලුත් පක්ෂයක් නිර්මාණය කිරීමට ගියහොත් මේ මොහොතේ පක්ෂයට ලැබීමට නියමිත ජයග්‍රහණ ප්‍රමාදවීමට ඉඩ ඇති බවයි.
එබැවින් මේ පිළිබදව පාක්ෂකයන් දැනුම්වත් කර පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙන්නැයි ජනාධිපතිවරයා විධායක සභිකයන්ගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.
මෙම රැස්වීමට පක්ෂයේ විධායක සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකයන් සහ පළාත් පාලන ආයතන ප්‍රධානීන් පිරිසක් එක්ව තිබේ.
නිමල් සිරිපාල ද සිල්වා, ලලිත් දිසානායක, විමලවීර දිසානායක ඇතුළු පිරිසක් පක්ෂයේ දියුණුව සම්බන්ධව අදහස් දක්වා තිබෙන බවත්, ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව බියක් ඇති නොකරගන්නා ලෙසට ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළ බවත් එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.