තම ජීවිතයේ අවසන් කාලය මාලඹේ සයිටම් ආයතනය එරෙහිව ක්‍රියාත්මක කරන බව වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පවසයි.
වැලිකඩ බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් සිසුවාගේ සුවදුක් විමසීම සඳහා ඊයේ (01දා) පැමිණීමෙන් පසුව ඔහු මේ බව සඳහන් කළේය.
රජයේ ප්‍රභලම ඇමතිවරු මේ සඳහා විරෝධය පළකරන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ඔහු ජනපතිධුරයේ සිටින විට මේ පිළිබඳව රහසිගත ලිපියකින් දැනුවත් කළ බවත් ඔහු පැවැසීය.
2014 වසරේදී සයිටම් ආයතනය රුපියල් මිලියන 1265ක් ලාභ ලබා ඇති බවත් එම මුදලින් නෙවිල් ප්‍රනාන්දු රෝහලේ රෝගීන් සඳහාා නොමිලයේ ප්‍රතිකාර දුන්නේ නම් මෙවැනි ගැටලුවක් ඇති නොවන බවත් ඔහු පැවැසීය.