ප්‍රංශයේ, නීස් වෙරළාසන්නයේදී සිදුවූ මහා මිනිස් සංහාරය කළ පුද්ගලයා එම නගරයේම පදිංචි ප්‍රංශ -ටියුනීසියානු ජාතිකයෙකු වන මොහොමඩ් ලහොඒඉජ් බුල්ලා ලෙස හඳුනාගෙන තිබේ.
ප්‍රංශයේ නීස් මාටින් පුවත්පත මෙම තැනැත්තාගේ අනන්‍යතාව හෙළිකර තිබුණත්, නිල වශයෙන් එරට ආරක්ෂක අංශ විසින් මෙය ප්‍රකාශයට පත්කර නොතිබුණි.
31 හැවිරිදි වියේ පසුවන මොහු පිළිබඳව ප්‍රංශ පොලීසිය සතුව මීට පෙරද තොරතුරු පැවතී ඇති අතර, ඔහු සොරකම් හා ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා ලබා තිබූ අයෙකු බව කියැවෙයි. කෙසේ වෙතත්, එරට බුද්ධි අංශ සතුව ඔහු පිළිබඳ තොරතුරු නොතිබූ බවද විශ්වාස කෙරෙයි.
මොහු සැතපුමකට වඩා වැඩිදුරක් නීස් වෙරළේ සිටි මිනිසුන් මතින් දැවැන්ත ට්‍රක් රථය පදවාගෙන පැමිණ, පොලීසිය වෙත වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කිරීමට පෙර අල්ලාහු අක්බර් යනුවෙන් කෑ මොර දී ඇති බවද සිද්ධිය ඇසින් දුටුවෝ පවසන බව ඩේලිමේල් පුවත්පත හෙළි කරයි.
කුඩා දරුවන් 10 දෙනෙකු ඇතුළුව, ජීවිත 84ක් බිලිගත් මෙම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් පසුව IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය හා සම්බන්ධ වෙබ් අඩවිවල හැසිරීමෙන් මෙන්ම, ආසන්න කාලයේදී ඔවුන් විසින් එල්ල කරනලද ප්‍රහාර සලකා බැලීමේදී මෙම ප්‍රහාරය IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයක් බව මේ වනවිට තහවුරු වෙමින් පවතී.
ට්‍රක් රථය මිනිසුන් මතින් ධාවනය වීමෙන් මොහොතකට පසු...
නීස් ඝාතකයා...