රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා වෘත්තීය කාර්ය මණ්ඩල සඳහා වූ ජීවන වියදම් දීමනාව 2014 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රු.1,200/- කින් වැඩි කෙරෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
2014 අයවැය යෝජනාවක් අනුව ක්‍රියාත්මක වෙමින් රු.6,600/- ක් වූ ජීවන වියදම් දීමනාව රු.7,800 ක් දක්වා වැඩිවෙනු ඇත. මීට අමතරව අනියම්/දෛනික වැටුප්ලාභී පදනම මත සේවය කරන සේවකයන් සඳහා ගෙවනු ලැබූ රු.220/- ක් වූ දෛනික ජීවන වියදම් දීමනාවද ජනවාරි 01 වැනිදා සිට රු.260/- දක්වා වැඩිවෙනු ඇති බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.