බ්‍රසල්ස් නුවර සංචාරය කරන ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස ඊයේ (18දා) යුරෝපීය පාර්ලිමේන්තුව නියෝජනය කරන විවිධ පාර්ශ්වයන් හමුවී, ජීඑස්පී ප්ලස් සහනය ඇතුළුව ශ්‍රී ලංකාව වෙත සහාය ලබාගැනීමේ අවකාශයන් පිළිබඳව සාකච්ඡා පැවැත්වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
යහපාලනය, සමාජ සාධාරණත්වය, ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම් හා සංහිඳියාව ආදී ක්ෂේත්රයන් ශක්තිමත් කරලීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග මෙහිදී පෙන්වාදුන් වික්‍රමසිංහ මහතා ප්රමුඛ ශ්‍රී ලංකා නියෝජිත පිරිස, ඒ පසුබිම මත ජීඑස්පී ප්ලස් සහනය ලබාගැනීමට ශ්‍රී ලංකාවට ඇති හිමිකම ගැන කරුණු ඉදිරිපත් කළහ.
මෙහිදී ශ්‍රී ලංකා නියෝජිත පිරිස විදේශ කටයුතු මෙහෙයවන යුරෝපීය ජනතා පක්ෂයට අයත් පාර්ලිමේන්තු නියෝජිතයන්, යුරෝපීය පාර්ලිමේන්තුවේ ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ කමිටුව, යුරෝපීය ජනතා පක්ෂයට අයත් පාර්ලිමේන්තු කණ්ඩායම හා යුරෝපීය පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා මිත්‍ර කණ්ඩායම යන පාර්ශ්වයන් සමග සාකච්ඡා පවත්වා තිබේ.