උතුරු පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා යළිත් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඒ. චන්ද්‍රසිරි මහතාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කර ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
2009 ජූලි මාසයේ දී උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස පළමුවරට පත් වූ චන්ද්‍රසිරි මහතාගේ දෙවැනි ධුර කාලය හෙට (12දා) සිට වසර 5ක් ඉදිරියට බල පැවැත්වේ.