ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 77 කණ්ඩායමේ (ජී77) ස්වර්ණ ජයන්ති අනුස්මරණ රාජ්ය හා ආණ්ඩු නායක සමුළුවට සහභාගී වනු පිණිස අද (12දා) සවස බොලීවියාව බලා පිටත් විය.
නායක හමුව ජුනි 14 සහ 15 දෙදින බොලීවියාවේ සැන්ටා ක_ස් ඩී ලා සියෙරා නගරයේදී පැවැත්වේ. එය %යහපත් පෙවෙතක් සඳහා නව ලෝක රටාවක්^ යන්න තේමාකොට ගෙන තිබේ.
ජී77 සාමාජික රටවල රාජ්ය නායකයන් විශාල පිරිසක් සහ ඉහළ පෙළේ නියෝජිතයෝ ඊට සහභාගි වෙති. ජී77 වත්මන් සභාපති හා බොලීවියා ජනාධිපති ඊවෝ මොරලෙස්, එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී-මූන් සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සභාපති ජෝන් ඩබ්. ඈෂ් මහතාද ඔවුන් අතර වෙති.
ජනාධිපති රාජපක්ෂ මහතා බොලීවියාවේ චාරිකාවක නිරතවන ප්රථම ශ්රී ලංකා රාජ්ය නායකයාද වේ.