ISIS ඉස්ලාමීය අන්තවාදීන් සමග සම්බන්ධ ඇල්ජීරියානු ජිහාඩ් සටන්කාමීන් විසින් පසුගිය සති අන්තයේදී ප්‍රාණ ඇපයට ගත් ප්‍රංශ ජාතික සංචාරකයාගේ ගෙල සිඳ ඝාතනය කරන වීඩියෝවක් අන්තර්ජාලයට එක් කොට තිබේ.
ඉරාකයේ ISIS ඉලක්ක වෙත ප්‍රංශය බෝම්බ හෙලන්නේ නම් ඔහුගේ ගෙල සිඳින බවට මීට පෙර එකී ජිහාඩ් සටන්කාමීන් අනතුරු ඇඟවීමක්ද කර තිබුණි.
හර්ව් ගෝඩෙල් නමැති 55 හැවිරිදි ප්‍රංශ ජාතිකයා පසුගිය ඉරිදා ඇල්ජීරියාවේ ඩ්ජුර්ඩ්ජූරා ජාතික වනෝද්‍යානයේදී මෙසේ ජිහාඩ් සටන්කාමීන්ට හසුව තිබුණේ, සතියක නිවාඩුවක් වෙනුවෙන් ඇල්ජීරියාවට පැමිණ දිනකට පසුවය.
මෙම සංචාරකයා බේරා ගැනීම වෙනුවෙන් 1,500ක පමණ ඇල්ජීරියානු හමුදාවක් නැගෙනහිර ඇල්ජීරියාවේ කඳුකර ප්‍රදේශයක දැවැන්ත මෙහෙයුමක් සිදුකළද ඔහුගේ ජීවිතය බේරාගැනීමට ඔවුන්ට නොහැකි වී තිබේ.