ජිනීවාවලට එරෙහිව රටේ ජනතාව දැනුවත් කරමින් ඊට විරුද්ධව ජනතා අත්සන් දසලක්ෂයක් ලබාගැනීමේ වැඩසටහන අද (17දා) මොරටුව නගර සභා පරිශ්‍රය ඉදිරිපිටින් ආරම්භ විය.
ජනබල නැගුම සංවිධානය විසින් සංවිධානය කරන ලද මෙම පෙත්සම සඳහා තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග, මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු, නාගරික මන්ත්‍රීවරුන් ඇතුළු මොරටුව ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මෙම පෙත්සමට අත්සන් තැබූහ.