එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේ 32 වැනි සැසිවාරයට ශ්‍රී ලංකාව පිළිබඳව අද (28දා) මානව හිමිකම් මහකොමසාරිස් විසින් ඉදිරිපත් කළ වාර්තාව ජාතික ආණ්ඩුවට විවේචන මෙන්ම පැසසුම්ද සහිතව ඉදිරිපත් කර තිබේ.
30 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳව ඉදිරිපත් වීමට තිබූ වාචික වාර්තාව අද එළිදැක්වුණ අතර ජාතින් අතර සමගිය ඇති කිරිමට රජය ගත් ක්‍රියාමාර්ග, ත්‍රස්තවාදි පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි ඇතැම් පුද්ගලයින් නිදහස් කිරීම, ආරක්ෂක අංශ සතුව තිබූ උතුරේ ඉඩම් නැවත ජනතාවට ලබාදීමට කටයුතු කිරීම, ජනපතිවරයා හා අගමැතිවරයා උතුරේ සංචාරය කිරීම ආදිය පිළිබඳව ධනාත්මක කරුණු දක්වා ඇත.
කෙසේ වෙතත් ජාතික ආණ්ඩුව පිහිටුවනු ලැබූ අරමුණු තවමත් නිසිපරිදි ඉටුවී නැති බව එම වාර්තාවේ සඳහන් වෙයි. පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයක් පැවතිනන අවස්ථාවකදී පවා රටට අව්‍යශ වෙනස් කම් කිරීම් නිසිපරිදි සිදු නොවන බව එම වාර්තාවේ දැක්වෙයි.
යහපාලන වෙනස් කිරිම්, ආර්ථික ප්‍රතිසංස්කරණ හා නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීමට ජාතික ආණ්ඩුව තවමත් නිසි පරිදි පියවර ගෙන නොමැති බව එම වාර්තාවේ සඳහන් වෙයි.
නව ව්‍යවස්ථාවක් ඇති කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට ප්රසංසාව පළකරන අතර නව ව්‍යවස්ථාවට මානව හිමිකම් ආරක්ෂා කර ගැනීම සඳහා කරුණු වන කරුණු ඇතුළත් කිරිමේ වැදගත්මකමද මෙම වාර්තාවෙන් පෙන්වා දෙයි.
නිදහස් උත්සවයේදී ජාතික ගීය දෙමළින් ගායනා කිරීමට රජය කටයුතු කිරීම පිළිබඳව ප්‍රසංසනාත්මකව කරුණු ඉදිරිපත් කරන අතරම සමාජ මාධ්‍යයන්හි පසුගිය කාලයේ වේගයෙන් ව්‍යාපත්ත වූ 'සිංහ ලේ' නම් වූ සංවිධානාත්මක ප්‍රචාරණය ජාතීන් අතර සමගියට බාධාවක් වූ බවද වාර්තාවේ සඳහන් වෙයි.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම තවදුරටත් ශක්තිමත් කළයුතු බව වාර්තාවෙන් පෙන්වා දෙන අතරම මෙරට මානව හිමිකම් ආරක්ෂා කිරීමට අවශ්‍ය තාක්ෂණික සහාය ඉදිරියටත් ලබාදීමට මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය සූදානම් බවද එකී වාර්තාවේ සඳහන් වෙයි.
ශ්‍රී ලංකාවේ සාක්සිකරුවන් ආරක්ෂා කිරීමේ ආඥා පනත තවදුරටත් ශක්තිමත් කළ යුතු බවත් එය ජාත්‍යන්තර ප්රමිතීන් අනුව සකස්කළ යුතු බවත් එම වාර්තාවේ සඳහන් වෙයි.
දෙමළ ඩයස්පෝරාව සංවිධාන කිහිපයකට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට තිබූ බාධා ඉවත් කිරිමට රජය ගත් ක්‍රියාමාර්ගය ප්රසංස්සා කරන අතරම ත්‍රස්තවාදය වළක්වා ගැනිමේ පනත යටතේ 2015-2016 කාලයේදී තවත් 40කට ආසන්න පිරිසක් අත්අඩංගුව ගෙන තිබෙන බවත් සඳහන් වෙයි. එම පනත යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් 250කට ආසන්න පිරිසක රඳවාගෙන තිබෙන බවත් ඔවුන්ට නඩු පැවැරීම හෝ නිදහස් කිරීමට කටයුතු කිරීම සිදුකළ යුතුයැයිද එම වාර්තාවේ සඳහන් වෙයි.
හිතුමතේ කරන අත්අඩංගුවට ගැනීම, ලිංගික අඩත්තේට්ටම් සිදුවීම වැනි මානව හිමිකම් කඩවීම් තවදුරටත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක බවද වාර්තාවේ තවදුරටත් සඳහන් වෙයි.
පසුගිය 13 දා ආරම්භ වූ 32 වැනි මානව හිමිකම් සැසිවාරය එළැඹෙන ජුලි 01දා තෙක් පැවැත්වීමට නියමිත අතර විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඇතුළු පිරිසක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගි වී සිටිති.