මානම හිමිකම් කොමිෂන් සභාවේ යෝජනාවලිය රට තුළ ක්‍රියාත්මක කිරීමේදී දේශපාලන පක්ෂවල අදහස් හා යෝජනාවලට ප්රමුඛස්ථානයදී රජය කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ හිඳිමින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව යෝජනාවලිය රට තුළ ක්‍රියාත්මක කරන බවත්, ඒ සඳහා පක්ෂවලට තමන්ගේ අදහස් ලිඛිතව ලබාදිය හැකි බවද ඒ මහතා පවසා සිටියේය.
අද (22දා) සිට සති දෙකක් තුළ පක්ෂවල ලිඛිත අදහස් ජනාධිපති ලේකම් කාර්යාලයට බාරදිය හැකි බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. සිරිසේන මහතා මේ බව පැවසුවේ, අද (22දා) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සර්ව පාක්ෂික සමුළුවේදීය.