ජිනීවා මානව හිමිකම් කොමිසම විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකරන නිර්දේශ පිළිබඳව සහ දෙමුහුන් අධිකරණයක් පිහිට විය යුතු බවට සිදුකළ යෝජනාව පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් අදහස් විමසීමට තීරණය කර තිබෙන බව ශ්‍රී.ල.නි.ප. මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.
මේ නිසා අදාළ නිර්දේශ පිළිබඳව එළියේ විවේචන නොකර තම අදහස් මෙහිදී ඉදිරිපත් කළහැකි බවත්, ජිනීවා කොමිෂන් සභා වාර්තාව පිළිනොගන්නා ලෙසට සඳහන් කරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස මෙහිදී අදහස් හා යෝජනා ඉදිරිපත් කළහැකි බවද ඒ මහතා පවසා සිටියේය.