(UPDATE) 09.12 P.M. ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභා රැස්වීම අවසන් විය. ඒ අනුව ඉදිරි ජනපතිවරණය පිළිබඳ තීරණාත්මක තීන්දුවක් හෙට පෙ.ව. 10.30 ට ජාතික හෙළ උරුමය විසින් රටට හෙළි කිරීමට නියමිතය.
තවදුරටත් ආණ්ඩුවේ රැදී සිටීම හා විධායක ජනපතිධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමයේ විශේෂ සාකච්ඡාවක් මේ වන විට පැවැත්වේ.
එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව මේ සාකච්ඡාවට එක්ව සිටින අතර අසනීප තත්ත්වයක් හේතුවෙන් බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා ඒ සඳහා එක්ව නොවේ.
ජාතික හෙළ උරුමය විසින් ආණ්ඩුවට ඉදිරිපත් කළ කරුණු 35කින් සමන්විත යෝජනාවලිය සඳහා ආණ්ඩුව ලිඛිතව ලබාදුන් පිළිතුරු පිළිබඳව මධ්‍යම කාරක සභාව සාකච්ඡාවට බඳුන් කරයි.
පක්ෂයේ ඉදිරි තීරණ පිළිබඳව හෙට (18දා) රටට හෙළිකිරීමට නියමිතය.