ජාවාරම්කරුට ඇප දුන් මහේස්ත්‍රාත් ගැන පරීක්ෂණයක්
මත්ද්‍රව්‍යය ජාවාරම්කරුවෙක්ට ඇප නියම කිරීමට මහේස්ත්‍රාත්වරුන්ට බලයක් නොමැතිව සිටියදී ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට වැලිකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ හිටපු මහේස්ත්‍රාත්වරිය විසින් ඇප ලබාදී ඇත්තේ කෙළසකදැයි යන්න හෙළි කරගැනීම සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාව පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
ඇප ලබාගැනීමෙන් අනතුරුව ලංකාවෙන් පැනගොස් ඇති ජාත්‍යන්තර මත්ද්‍රව්‍යය ජාවාරම්කරුට එරෙහි නඩුව කොළඹ මහාධිකරණයේදී විභාගයට ගන්නා ලද අවස්ථාවේදී විත්තිකරු උසාවියට ඉදිරිපත් නොකිරීම පිළිබඳව සොයා බැලීමේදී මාලිගාකන්ද හිටපු මහේස්ත්‍රාත්වරියක විසින් ඔහු ඇපමත මුදාහළ පසු ඔහු ලංකාවෙන් පැනගොස් ඇතැයි හෙළිවිය.
පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය කිලෝ 3 ½ ක් සමග කොළඹ කොටුවේදී අල්ලා ගන්නා ලද බසාවාරි නුරුල්ලාහ් නැමැති ඉරාක ජාතික ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඇපමත මුදාහැරීමෙන් අනතුරුව මෙලෙස රටින් පැන ගොස් ඇතැයි හෙළිවිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

