ජාතික නිදහස් පෙරමුණ සහ හෙළ උරුමය අතර, විශේෂ සාකච්ඡාවක් අද (23දා) පැවැත්වීමට නියමිතය.
ආණ්ඩුවෙන් ඉවත්වීමේ හෝ ඉදිරි මැතිවරණවලදී පක්ෂ ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සහ හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අතර පැවැත්වෙන මෙම සාකච්ඡාව අද ප.ව. 5 ට විමල් වීරවංශ අමාත්‍යවරයාගේ නිවසේදී පැවැත්වීමට නියමිතය.