ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ජාතිවාදය අවුස්සමින් කටයුතු කරන සියලුදෙනා ඉන් ඉවත් කරන බවත්, නැවත කිසිදු දිනයක එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස ජාතිවාදී පක්ෂ සමග සන්ධානගත නොවන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ, 'වැවක් සමග ගමක්' සමාජ සංවර්ධන ව්‍යාපෘතියේ පස්වැනි අදියර ඊයේ (22දා) මන්නාරම ප්‍රෙදේශයේදී ආරම්භ කරමිනි.උත්සව අවස්ථාව ආරම්භ කරමින් අමරවීර මහතා ප්‍රකාශ කර සිටියේ, 2020 වර්ෂය වනතෙක් වත්මන් රජය වෙනස් කිරීමට කිසිවෙකුටත් අවස්ථාවක් නොලැබෙන බවයි.
ව්‍යවස්ථානුකූලව රජය විසුරුවා හැරීමේ බලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වුවද ලැබෙනුයේ වසර හතරහමාරකට පසුව බවත්, රජය ඉතා ඉක්මනින් පෙරළා දමා පාලන බලය ගන්නවා යැයි ඇතැමුන් පවසන්නේ ව්‍යවස්ථාව පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිකමින් බවත් හෙතෙම එහිදී පැවසීය.