වර්තමානයේ ශ්‍රී ලංකාව විදේශීය ආර්ථික ආක්‍රමණ සඳහා නොමසුරුව දොරටු විවෘත කර ඇති බවත්, රට සියලුම ආකාරයෙන් දුර්වල කරමින් පවතින බවත් මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පැවසූහ. පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අද (25දා) පැවැති මහජන සභාව මාධ්‍ය හමුව අමතමින් ධම්මරතන හිමියෝ මේ බව කියා සිටියහ.
සියලුම රාජ්‍ය ආයතන තුළ බල ව්‍යුහය කඩා බිඳදැමීමට කටයුතු කරමින් සිටින අතර, මේ වනවිට ජාතියට දැක්මක්ද, රටට න්‍යාය පත්‍රයක්ද නොමැති බවද ඒ හිමියෝ කීහ. එමෙන්ම කවුරුන් හෝ කොහේ හෝ සිට සකස් කර එවන ව්‍යවස්ථාවක් බලෙන් පැනවීම සඳහා අත ඔසවන පිරිසක් පාර්ලිමේන්තුවේ සිටින බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.