ජාතිය ඉදිරියේ ලබාදුන් පොරොන්දු කැඩුවේ ඇයිදැයි බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කොළඹදී අද (29දා) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී එක්සත් ජාතික පක්ෂ හරින් ප්‍රනාන්දු මහතාගෙන් විමසා සිටියේය.
පෝස්ටර්, කටවුට්, භාවිත නොකරමින් මනාප 50,000 ක් ලබාගන්නා බවට හරින් ප්‍රනාන්දු මහතා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක දේශපාලන සංවාදයකදී ප්‍රකාශ කළ කරුණක් සම්බන්ධයෙන් ගම්මන්පිල මහතා මෙම අදහස් දැක්වීය.
උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කළේ හරින් ප්‍රනාන්දු මහතා පෝස්ටර්, කටවුට් භාවිත කළ බැවින් තමා ඇමති ධුරයෙන් හෝ දේශපාලනයෙන් ඉල්ලා අස්නොවන බවයි.