ඌව පළාත තුළ ජාතික හැඳුනුම්පත් නොලබා සිටින ඡන්ද දායකයන් වෙනුවෙන් කඩිනම් හැඳුනුම්පත් ලබාදීමේ සේවාවක් ඌව පළාත් සභා ඡන්දය අරමුණු කරගනිමින් මේ දිනවල ක්‍රියාත්මක කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් භාග්‍යා ජයරත්න මහත්මිය අද ට පැවසීය.
ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ඡන්ද දායකයන්ට ජාතික හැඳුනුම්පත අනිවාර්ය කර ඇති බැවින් මෙතෙක් හැඳුනුම්පත් ලබානොගත් සියලු දෙනා ඉතා ඉක්මනින් හැඳුනුම්පත් ලබාගන්නා ලෙසද ජයරත්න මහත්මිය ඉල්ලා සිටියාය.
පළාත් සභා මැතිවරණය වෙනුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තුළ හැඳුනුම්පත් නිකුත් කිරීමේ විශේෂ කවුළුවක් මේ වනවිට ක්‍රියාත්මක කර ඇති බවද භාග්‍යා ජයරත්න මහත්මිය වැඩිදුරටත් පවසා සිටියාය.