ශ්‍රී ලාංකේය පුරවැසියෙකුට හිමි කරගත හැකි උච්ඡතම සම්මානය වන ශ්‍රී ලාංකාභිමාන්‍ය සම්මානය ඇතුළු සම්මාන 15ක් සඳහා ජාතික සම්මාන ප්රදානය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.
ජාතිය උදෙසාත්, සමස්ත මානව සංහතියේ අභිවෘද්ධිය වෙනුවෙනුත් අතිවිශිෂ්ට සේවාවන් සිදුකළ පුද්ගලයන්ට මෙම සම්මාන ප්රදානය කරන අතර, මවුබිමේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ විදෙස් රාජ්‍ය නායකයන් සහ ශ්‍රී ලාංකික නොවන පුරවැසියන් සඳහාද මෙහිදී සම්මාන පිරිනැමේ.
පුරවැසියෙකුට සිය ජීවිතයේ එක් වතාවකදී පමණක් ජනාධිපතිවරයෙකු විසින් ප්රදානය කරනු ලබන දේශමාන්‍ය, දේශබන්දු, ශ්‍රී ලංකා ශිඛාමනී, ශ්‍රී ලංකා තිලක, වීර වූඩාමනී, වීර ප්‍රතාප, විද්‍යා ජෝති, විද්‍යානිධි, කලාශූරී, ශ්‍රී ලංකා රත්න, ශ්‍රී ලංකා රන්ජන, ශ්‍රී ලංකා රම්‍ය සහ ශ්‍රී ලංකා මිත්රවිභූෂණ යන සම්මාන සඳහා දෙස් විදෙස් පුද්ගලයන් තෝරා ගැනීමට නියමිතය.
මේ සඳහා නාම යෝජනා භාරගැනීම මේ මස 30 වැනි දින දක්වා සිදුකෙරෙන අතර, ජාතික සම්මාන ප්රදානය 2017 වසරේ ජනවාරි 08 වැනි දිනට යෙදෙන ජනපති පදවිප්රාප්ත දෙවැනි සැමරුම් උලෙළේදී සිදු කෙරේ.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 011-2433261 දුරකථන අංකයෙන් ලබාගත හැකිය.