කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශයට අනුබද්ධ වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය ආයතනය විසින් සංවිධානය කරනු ලබන, ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය විශිෂ්ඨතා සම්මාන උලෙළ හෙට (14දා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්වීඹට නියමිතය
තම ආයතනයන් හී යහපත් වැඩ පරිසරයක් ඇති කරමින්, සේවක වෘත්තීමය සුරක්ෂිතතාවය වෙනුවෙන් වඩාත් විශිෂ්ඨ සේවාවක් සිදු කරනු ලැබූ ආයතන තෝරා, ඔවුන් අගයමින් සම්මාන පිරිණැමීම මෙහිදී සිදුවේ .
මෙම අවස්ථාව සඳහා කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා, කම්කරු හා වෘත්තීය සමිති සබඳතා රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් සහභාගී වීමට නියමිතය.