ජාතික වෘත්තීය සුරක්ෂිතතා සතිය අද (07) සිට 14දා දක්වා පැවැත්වෙන අතර කම්කරු අමාත්‍යංශය, කම්කරු දෙපාර්තමේන්තුව හා වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනය එක්ව මෙය සංවිධානය කරනු ලබයි.
සෑම වර්ෂයකම ඔක්තෝම්බර් මාසයේ දෙවන සතිය රුකියාවල නියුක්ත වෘත්තිකයන්ගේ සෞඛ්‍ය හා සුරක්ෂාතතාවය තහවුරු කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය සතියක් ලෙස 2009 වසරේ කැබිනට් ප්‍රකාශයකින් නිර්දේශ කොට ඇත.
මෙම සතියක කාලය තුළ ජාත්‍යන්තර මෙන් ම ජාතික සම්මන්ත්රණ, සම්මාන උළෙල ආදී විවිධ ක්‍රියාකාරකම් සිදු කෙරෙනු ඇත.