1815 සිට 1948 දක්වා කාලය තුළ මෙරට පාලනය කළ බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් මෙරට නිදහස් සටනට උරදුන් ශ්‍රී ලාංකේය ජාතික වීරයන් 19 දෙනෙකු රාජද්‍රෝහීන් ලෙස නම් කර තිබුණද මේ දක්වා ඔවුන්ගේ නම් රාජද්‍රෝහී ලැයිස්තුවෙන් ඉවත් කර නැතැයි හෙළිදරව් වෙයි.
උඩරට පදිංචිකරුවන් ලෙස සිටිමින් බ්‍රිතාන්‍ය රජයට විරුද්ධව මහනුවරදී කැරළි ගැසූ බවට චෝදනා කරමින් 1818 වසරේ ජනවාරි 10 දින බ්රවුන්රික් ආණ්ඩුකාරවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් මගින් මොවුන් රාජද්‍රෝහීන් ලෙස නම් උඩරට පදිංචිකරුවන් ලෙස සිටිමින් බ්‍රිතාන්‍ය රජයට විරුද්ධව මහනුවරදී කැරළි ගැසූ බවට චෝදනා කරමින් 1818 වසරේ ජනවාරි 10 දින බ්රවුන්රික් ආණ්ඩුකාරවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් මගින් මොවුන් රාජද්‍රෝහීන් ලෙස නම් කර තිබෙන බව අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (26දා)පාර්ලිමේන්තුවේදී පැවසීය.
1817 සහ 1818 වසරවලදී පළමු නිදහස් සටනට උරදුන් ජාතික වීරයන් පිරිසක් මෙසේ නම් කර තිබෙන බවද ඔහු පවසා සිටියේය.
මෙරට නිදහස් සටනට උරදුන් ජාතික වීරයන් ලෙස හැඳින්වෙන කැප්පෙටිපොළ දිසාවේ, මොරගෙදර දිසාවේ, කැටපොළ මොහොට්ටාල, කතරගම මහා බෙත්මලාන, කතරගම කුඩා බෙත්මලාන, පල්ලේමුල්ලේ මොහොට්ටාල, බටකැලේ මොහොට්ටාල, දෙල්ගමගෙදර වෙලේරාළ, කෝසලවත්තේ විදානේ, චූලගෙදර මොහොට්ටාල, ජලමුල්ලේ මොහොට්ටාල, උඩුමැදුරේ මොහොට්ටාල, කෝකුඹුරේ හැටේ රාළ, කෝකුඹුරේ මොහොට්ටාල, බුටාවේ රටේ රාළ, මග්මිහිගහමුල රටේරාළ, බදුල්ලේ ගම්මාන රටේ රාළ, මදුපිටියේ මොහොට්ටාල, පල්ලේමුල්තැනේ ගමේරාළ යන අයගේ නම් මේ දක්වා ඉවත් කර නොමැති බව හෙතෙම සඳහන් කළේය.
මේ රාජද්‍රෝහී ලේඛනයෙන් මොවුන්ගේ නම් ඉවත් කිරීම සඳහා අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට තීරණයක් ගැනීම සඳහා අධිකරණ අමාත්‍යාංශය ඇතුළු නීතිමය අංශ විසින් නෛතික ගැටලු නිරාකරණය කළ යුතු බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මහතා පවසා සිටියේය.