අද (03දා) පැවති වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනය හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ දෛනික කටයුතු ඇණහිටි බව එහි අධ්යක්ෂ අනිල් ජාසිංහ මහතා පැවසීය.
බාහිර රෝගී අංශයේ සියලු කටයුතු අඩාළ වූ බවත්, සායන කිහිපයක් හැර ඉතිරි ඒවා නැවැත්වූ බවත් කී ජාසිංහ මහතා, පොරොත්තු ලේඛනයේ තිබූ ශල්‍යකර්ම කිහිපයක් හැර ඉතිරි සියල්ල කල්දැමූ බව ප්‍රකාශ කළේය.
රෝගීන් ඇතුළත් කිරීමේ කටයුතු සිදුකළ බවත්, හදිසි ප්‍රතිකාර ඒකකය සහ දැඩි සත්කාර ඒකකයේ කටයුතු පවත්වාගෙන ගිය බවත් රෝහල් අධ්යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.