ප්‍රතිපත්ති සම්පාදනය සඳහා මහජන අදහස් ලබාගනිමින්, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යන් වෙත රජයේ නිල තොරතුරු ලබා දෙමින් රාජ්‍ය නිල තොරතුරු ප්‍රකාශක ලෙස කටයුතු කරනු ලබන 'ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයක්' ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබේ.
රාජ්‍ය යන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේදී අංග සම්පූර්ණ, විශ්වසනීය හා නිවැරදි නිල තොරතුරු මහජනතාව වෙත නිසි වේලාවට ලබා දීම රජයේ ප්රමුඛ වගකීමක් ලෙස සලකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ විධිවිධාන අනුව ද එය වඩාත් තහවුරු කරනු ලැබ ඇති බැවින් මෙය සිදුකරන බව රජය පවසයි.