මෙවර ජාතික මදුරු මර්දන සතියේදී ඩෙංගු මෙන්ම සිකා වෛරසයද පාලනය අපේක්ෂා කරන බැවින් එය සුවිශේෂී සතියක් බවට පත්වනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
සැප්තැම්බර් 27 වැනිදා සිට ඔක්තෝබර් 03 වැනිදා දක්වා මෙවර ජාතික මදුරු මර්දන සතිය ක්‍රියාත්මක බවත්, ඊසාන දිග මෝසමේ බලපෑම උතුරු නැගෙනහිර හා උතුරු මැද පළාත්වලට අධිකව බලපාන බැවින් මෙම සතියේ සමාරම්භක උත්සවය යාපනයේදී පැවැත්වෙන බවත්ඔහු සඳහන් කළේය.
2016 වර්ෂයේ මේ දක්වා ඩෙංගු රෝගීන් 40,652 ක් හා මරණ 64 ක් වාර්තාවූ බවත්, මේ වසර අවසානයේ ඩෙංගු රෝගීන්ගේ ගණන 50,000 ඉක්මවනු ඇති බවට ගණන් බලා ඇති බවත්, අද (22දා) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී අනාවරණය විය.